ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 13 වන සංවත්සරය සමරනු ලබයි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (අංක 01 ITW) 2026 මාර්තු 11 වන දින සිය 13 වන සංවත්සරය සැමරීම සඳහා උත්සව මාලාවක් සංවිධානය කරන ලදී. සැමරුම් උත්සවය ආරම්භ වූයේ සම්ප්‍රදායික වැඩ පෙළපාළියකින් වන අතර එය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ඊ.එම්.අයි.ඩබ්ලිව්.ආර් ඒකනායක නිලධාරිතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී. එම අවස්ථාවට පක්ෂාංගයේ නිලධාරීන්, අනෙකුත් නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සහභාගී විය.
සංවත්සර සැමරුමට සමගාමීව මෙහෙයුම් වගකීම්වලින් ඔබ්බට තම සේවය තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා පක්ෂාංගය ප්‍රජා සේවා වැඩසටහන් කිහිපයක් ද සංවිධානය කරන ලදී. මෙම ප්‍රයත්නයන්හි කොටසක් ලෙස අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගයෙහි කාර්ය මණ්ඩලය කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහල සමඟ සහයෝගයෙන් ලේ පරිත්‍යාග කිරීමේ ව්‍යාපාරයක් පැවැත්වීය. රත්මලාන මල්ලිකාරාම විහාරස්ථානයේදී තොරතුරු තාක්ෂණ අංශයේ කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් බෝධි පූජා පිංකමක් පවත්වන ලදී.