ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අම්පාර මංගලගම /මංගලරාම මහා විද්‍යාලයේ සිසුන්හට අංගසම්පූර්ණ තොරතුරු තාක්ෂණාගාරයක් ලබාදෙයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව මංගලගම අම්පාර/මංගලරාම මහා විද්‍යාලයේ සිසුන්ට අංගසම්පූර්ණ තොරතුරු තාක්ෂණා ගාරයක් 2026 මාර්තු 20 වන දින උත්සවාකාරයෙන් භාර දෙන ලදී. ගුවන් හමුදාව ජාතියට කැපවූ සේවයේ 75 වසර සැමරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ප්‍රජා - ව්‍යාපෘති මාලාවක කොටසක් ලෙස මෙම වැදගත් ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහන ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙහෙයවන ලදී.

ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ගේ කැපවූ සේවය සහ වෘත්තීය කැපවීම සමඟින් ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී. සමස්ත ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබුවේ ඉලෙක්ට්‍රොනික හා පරිගණක ඉංජිනේරු අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් අසිත හෙට්ටිආරච්චි සහ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ ගෲප් කැප්ටන් චානක සූරියආරච්චි විසිනි. ඉදිකිරීම් සහ යටිතල පහසුකම් සැකසීම අම්පාර ගුවන් හමුදා රෙජිමේන්තු පුහුණු මධ්‍යස්ථානය විසින් එහි අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ප්‍රභාත් ඇලෙක්සැන්ඩර් නිලධාරිතුමන්ගේ නායකත්වයෙන් සිදු කරන ලදී.

අලුතින් ස්ථාපනය කරන ලද සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කරන ලද තොරතුරු තාක්ෂණාගාරය අඛණ්ඩ බල සැපයුම් (UPS) පද්ධති, සම්පූර්ණ ජාලකරණ පහසුකම් සහ අවශ්‍ය සියලුම තොරතුරු තාක්ෂණ සහ විදුලි ස්ථාපනයන්ගෙන් සහාය වන ඩෙස්ක්ටොප් පරිගණක පහළොවකින් සමන්විත වන අතර එමඟින් සිසුන්ට සහ ගුරුවරුන්ට නවීන, ආරක්ෂිත සහ හිතකර ඉගෙනීමට සුදුසු පරිසරයක් සකස්කර ඇත.

මෙම උත්සවය සඳහා ගුවන් හමුදා නිලධාරීන්, සෙසු නිලයන්, සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් සමඟ පාසල් පරිශ්‍රයේදී සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි